පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Monday, April 6, 2015

පොළොන්නරුවේ සංචාරය - පළමුවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 1)


ශ්‍රී ලංකාව කියන්නේ ස්වාභාව ධර්මයෙන් ලෝකයට ලැබුණු දායදයක්. මේ පින්බිම ඉංදියන් සාගරයේ මුතු ඇටය කියලා හදුන්වන්නට යෙදුනේ ඒ නිසා වෙන්න ඇති. එක් එක් යටත් විජිත සමයන් පසුකරගෙන, කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට ලක්ව, කාලයක් පීඩා වින්ද මේ භූමිය අද වෙනකොට සම්පූර්ණ නිදහස් භූමියක්. ඉතින් ඒ නිසාම වර්තමානයේ සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනවා. ලංකාව වර්තමානයේ පළාත් නමයකට වගේම දිස්ත්‍රික්ක විසිපහකට බෙදා වෙන්කරලා තියෙනවා. මේ දිස්ත්‍රික්ක එකිනෙකක විවිධාකාර ස්ථාන පිහිටීම මේ සංචාරක කර්මාන්තයට ලොකු පිටිවහලක් වෙනවා. ඒ එක් එක් ස්ථාන හොයාගෙන යන ගමනේ පළමු පියවර මේ විදියට පටන් ගන්න අදහස් කලා.
පළමුවෙන්ම තෝරගත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කය. කොළඹ ඉදලා කිලෝමීටර් 225ක් දුරින් පිහිටා ඇති නිසා දකුණු පළාතේ ඉදලා ලගාවීම ටිකක් දුශ්කර ගමනක්. වඩාත්ම සුදුසු මාර්ගය දුම්රිය භාවිතය. කොළඹ ඉදලා සෑම දිනකම දුම්රිය දෙකක් ධාවනය වෙනවා. එකක් උදේ 6.05ට වගේම අනික රාත්‍රී 7.15ට. මේ දුම්රිය දෙකින් රාත්‍රී දුම්රිය වඩාත් සුදුසුයි. ගමනේ විඩාව වැඩිය දැනෙන එකක් නෑ රෑ දුම්රියෙන් යන ගමනෙදි. රෑ දුම්රියේ නම පාඨලී. ඒ දුම්රිය අළුයම 1.34ට පොළොවට ලගා වෙන්න නියමිතයි. දුම්රිය මගීන්ගෙන් පිරෙනවා කොටුව දුම්රිය ස්ථානයෙදිම. ඒ නිසා කලින් ආසන වෙන්කරගන්න එක විශාල පහසුවක්. දුම්රිය තුන්වන පන්තියේ මෙන්ම දෙවන පන්තියේ මැදිරිවලින් සමන්විතයි.
කොළඹින් පොළොන්නරුවට පළමු මැදිරි දෙවන මැදිරි තෙවන මැදිරි
6.05AM 12.08PM 620.00 340.00 185.00
7.15PM 1.34AM 620.00 340.00 185.00
දැනට නම් පළමු පන්තියේ මැදිරි භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඒ වගේම කලින් වෙන්කරගන්න ගියොත් ගාන ටිකක් වෙනස් වෙයි. සම්පූර්ණ ගමනකට දින දෙකක්වත් ඇවිදින්න වෙනවා. ඒ නිසා යන්න එන්නත් එක්කම දවස් තුනක්වත් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොදයි. ගිහින් නවතින්න තැන් කිහිපයක්ම ඉදිරි ලිපි වලින් ගෙන්නම්. වැදගත්මදේ තමයි පොළොන්නරුව දුම්රිය ස්ථානයේම නවාතැන් පහසුකම් සලසාගන්න පුළුවන් වීම. රුපියල් 900කට වගේ ඉදලා කාමර වෙන් කරගන්න හැකියාව තියෙනවා. +940272222271 අංකයෙන් පොළොන්නරුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇමතීමෙන් වැඩි විස්තර ගන්න පුළුවන් වේවි. කෑම බීම වගේම ගමන් කරන්න වාහන සාධාරණ ගානකට හොයාගන්න පුළුවන් නිසා ඒ ගැන කරදර වෙන්න ඕන නෑ.
පොලොන්නරුවේදී අපිට පුරාවස්තු බලන්න එක දවසක් වගේම සෝමාවතිය, මැදිරිගිරිය වගේ ටිකක් ඈතින් පිහිටි ස්ථාන බලන්න යන්න තව දවසකුත් ඕන වෙනවා. ඉදිරි ලිපි වලින් මේ සෑම ස්ථානයකම කෙටි විස්තරයක් එක්ක ඡායාරූප 1200+ ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
පොළොන්නරුවේ සංචාරය - පළමුවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 1)